
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී තිබෙනවා . ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කලේ . ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව වසරේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැත්තෑ හත් දහස ඉක්මවා ගොස් තිබුනා.














