පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේ කාර්යභාරය ආණ්ඩුව විසින් ඉන්දියානු සමාගමකට ලබාදීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය (22) ශේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
එහි වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31 දෙනෙකු නම් කරනු ලැබ තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම සළකා බැලීම අද (27) දින ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සිදු වූ අතර. පෙත්සම විභාග කිරීම ඔක්තෝබර් 17 දින සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය විසින් තීරණය කරනු ලැබුවා.