ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු අදාළ ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී රජයේ ප්‍රමුඛ සංවර්ධන ඉලක්කයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට අදාළ මාර්ග සිතියම යටතේ සැලසුම් කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදෙන පොදු ඩිජිටල් යටිතල පහසුකම් සඳහා වූ විසඳුම් කඩිනම් කිරීම සහ විශේෂයෙන් විද්‍යුත් ජාතික හැඳුනුම්පත, GovPay රාජ්‍ය ගෙවීම් පද්ධතිය, ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය හා ඩිජිටල් ආර්ථික ආදායම් ඉලක්ක සම්බන්ධවද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේත් ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේත් කටයුතු පුළුල් කිරීම පිළිබඳව මෙන්ම නව නීති මගින් ඩිජිටල් ආර්ථික අධිකාරිය හා සයිබර් ආරක්ෂණය පිළිබඳ ආයතන පිහිටුවීම පිළිබඳ යෝජනා සම්බන්ධයෙන් ද අදාළ සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.