දේශපාලන ක්‍රියාකරුවෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු තිදෙනා රඳවා ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා.
ඒ කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.
කෑගල්ල රංවල ප්‍රදේශයේ පවතින රාත්‍රි සමාජ ශාලාවක මෙම සැකකරු සිටින බවට ලද තොරතුරක් මත පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය නිලධාරීන් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කෑග්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.
එහිදී කෑගල්ල මහේස්ත්‍රාත් ශශිකා මිථුනආරච්චි මහත්මිය විසින් සැකකරුවන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අවසර ලබා දුන්නා.
තවද සියලු සැකකරුවන් එළැඹෙන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














