සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායි සිට මෙරටට එමින් සිටියදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අද උදෑසන 6 ට පමණ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.
ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති තිබෙනවා.
එමෙන්ම නිකවැරටිය පොලිසියෙන් සැකකරුට එරෙහිව නඩුවක් ද ගොනු කර තිබෙනවා.