නිදහස ජනතා සභාවේ නායක, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා නැවත කැඳවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්.
එමෙන්ම පළාත් පාලන ජන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසද අදාළ ලිපිය මඟින් ඉල්ලා තිබෙනවා.
පසුගිය වසරේ මාර්තු මස 09 වන දින පැවැත්වීමට තිබුණු පළාත් පාලන ඡන්ද විමසීමට බාරදුන් නාම යෝජනා අද වන විට ප්‍රායෝගික නොවන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.