අමෙරිකාවේ ටෙක්සාස් හි එල් පැසෝ නගරය ආසන්නයේ රික්ටර් මාපක 5.2ක භූකම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම භූ කම්පනය නිව් මෙක්සිකෝව සහ උතුරු මෙක්සිකෝවේ සමහර ප්‍රදේශවලට දැනී ඇති බවයි.
මෙම භූකම්පනය පොළෝ මට්ටමේ සිට කිලෝමිටර 10 ක් පමණ ගැඹුරින් හටගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම භූකම්පනයෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බව ද සදහන්.