අමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට අමතරව තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මිය ගිය පිරිස අතර ළමා කඳවුරක සිටි ගැහැණු ළමුන් විසි හත් දෙනෙකු සහ කාර්ය මණ්ඩලය ද වන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ. මේ අතර අදාළ ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය ඉදිරියටත් අයහපත් වනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය ද අනතුරු අඟවා තිබෙනවා. නව මෙක්සිකෝ ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වීම හේතුවෙන් නිවාස රැසක් හානියට පත්ව ඇති බවද සඳහන්. ජීවිත හානි වැඩිවීමත් සමඟ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිසි පරිදි ලබා දී තිබේද? යන්න පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.
උණුසුම් පුවත්
- බොරැල්ලේ වෙඩි තැබීමක්
- 2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
- ගාසා තීරයේ පූර්ණ සහාගතයක් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි
- ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්රණාම’ උලෙළ අද ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී
- කෘත්‍රිම බුද්ධිය හා ජනමාධ්‍යකරණය 4 වන වෙළුම ජනගත කෙරේ.
- ජාතික මාධ්‍ය සංකථන ශාස්ත්‍රීය ග්‍රන්ථයේ සිව්වන වෙළුම එළිදැක්වේ
- ඒකාබද්ධ බස් කාල සටහනක් ලබන සදුදා සිට
- ඉදිරි දින කිහිපයේදී කාලගුණයේ විශේෂ වෙනසක්