අමෙරිකාවේ, ටෙක්සාස්හි ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 81 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතර ළමුන් 28 දෙනෙකු සිටින බවද සඳහන්. එමෙන්ම තවත් පුද්ගලයින් 41 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙම පිරිස මිය ගොස් ඇත්තේ, ගං ඉවුරේ ක්‍රිස්තියානි ගැහැණු ළමයින්ගේ කඳවුරක් ජලයෙන් යට වූ කර් ප්‍රාන්තයේ වීමද විශේෂත්වයක්. තවත් ගැහැණු ළමයින් දස දෙනෙකු සහ උපදේශකවරයෙකු තවමත් අතුරුදහන් බවද සඳහන්. ඉදිරි පැය 24 ත් 48 ත් අතර කාලය තුළ කලාපයේ තවත් කුණාටු තත්වයක් අපේක්ෂා කරන අතර, මේ වන විටත් ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ප්‍රදේශයේ පවතින මඩ සහ සර්පයන් හේතුවෙන් දැඩි බාධා එල්ල වී තිබෙනවා.