මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් පෙරැළීයාමෙන් සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් තවත් පුද්ගලයින් 5දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
වට්ටප්පලේ කන්නකි අම්මාන් කෝවිලේ උත්සවයකට ගමන් කරමින් සිටි පිරිසක් මෙසේ අනතුරට පත්ව ඇති අතර මිය ගොස් ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙක්.
අනතුර සිදුවන අවස්ථාවේ තරුණයින් දස දෙනකු පමණ ට්‍රැක්ටරයේ සිට ඇති අතර වේගයෙන් පැමිණි ට්‍රැක්ටරය වංගුවක් ගැනීමට උත්සාහ කිරීමේදී මෙසේ පෙරැලි ගොස් තිබෙනවා.
උණුසුම් පුවත්
- ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
- බස් රථයක් පෙරළී 14ක් රෝහලට
- හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
- ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
- හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි
- අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි
- දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අඹේවෙල ස්ටේෂම පිරෙයි
- පුත්තලම් යන්න ගිය ලොරිය අඩි 40ක් පල්ලමට යයි












