ඊශ්‍රායලයේ – ජෙරුසලම ආසන්නයේ පිහිටි එෂ්තාඕල් වනාන්තරයේ හදිසි ගින්නක් ඇතිව තිබෙනවා.
ගින්න හේතුවෙන් වනාන්තරය අවට සිටින ජනතාව කඩිනමින් ඉවත් කිරීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු යොදා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම ගින්න ටෙල් අවිව් – ජෙරුසලම අධිවේගී මාර්ගය ආසන්නයේ ඇතිව තිබීම හේතුවෙන් එම මාර්ගය වසා දැමීමට ද එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.