ජූනි 30 වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා .
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුනේ..
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි .
ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජූනි 30වනදා පෙ.ව. 9.30ට කැඳවීමට නියමිතව තිබෙනවා .
මීට අදාළව ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදය එදින ප.ව 4.30 දක්වා පැවැත්වීමටත් මෙහි දී තීරණය කර ඇති බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- ජාතිවාදය පැරදූ බව ආණ්ඩුව කියයි – VIDEO –
- එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
- ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව දින අටක් ගංගාරාමයේදී පැවැත්වීමට සැලසුම්
- මෙරට ගුවන් හමුදාවේ 110ක් මධ්‍යම අප්‍රිකාවට
- නීති විරෝධීව ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
- රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් බඳවා ගැනීමට පියවර
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්













