වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ජනවාරි මස 16 වන දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ වfඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ්‍ය මගින් විමර්ශන ආරම්භ කර තිබූ බවයි
ඒ අනුව ඊයේ(29) දින දහවල් විමර්ශන නිලධාරීන් විසින් හෙට්ටියාවත්ත ප්‍රදේශයේදී ඝාතනය සිදු කිරීමට අදාළ ගිනි අවිය සඟවා බැහැර කර අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ත්‍රීරෝද රථයක්ද සමග අත්අඩංගුවට ගෙන වෙරළබඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 63ක් පමණ වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු අද(30) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













