පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමග ඇති වූ ආපදා හේතුවෙන් රජය විසින් ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ තාවකාලික විධිවිධාන පනතේ 11 වන කොටසේ 9 වන වගන්තිය ප්‍රකාරවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ නායයෑම් හා ගංවතුරෙන් හානියට පත් ජාතික ව්‍යසන පාත්‍ර පරිපාලන දිස්ත්‍රික්ක 22ක් නම් කර තිබෙනවා.
ඒ අනුව මහනුවර , නුවරඑළිය , බදුල්ල ,කුරුණෑගල , මාතලේ , කෑගල්ල , ගම්පහ , මුලතිව් , අනුරාධපුර , කොළඹ , යාපනය යන දිස්ත්‍රික්ක මෙසේ ව්‍යවසන පාත්‍ර පරිපාලන දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබෙනවා.
එමෙන්ම පොලොන්නරුව , මන්නාරම , පුත්තලම , රත්නපුර , මොණරාගල , මඩකලපුව , අම්පාර , ත්‍රිකුණාමල , කිලිනොච්චි , වවුනියා , කළුතර යන පරිපාලන දිස්ත්‍රික්කද මෙසේ ජාතික ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.










