ජපන් රජයේ සහ ජපන් ජනතාවගේ පරිත්‍යාගයන් ලෙස ශ්‍රී ජාතික රෝහලට ලබා දුන් උපකරණ වලින් සිදුවන ප්‍රතිකාර සේවාවන් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමත්, ජපාන රජයේ සහයෝගය ඉදිරියටත් මෙරට සෞඛ්‍ය පද්ධතියේ සංවර්ධනයට දායක කරගැනීමත් අරමුණු කරගනිමින් මෙම නිරීක්ෂණය සිදුකෙරුණා.
මෙරට ජනතාවගේ සෞඛ්‍ය තතත්වය ඉහළ නංවාලීම සඳහා මෙන්ම කාර්යක්ෂම, විශිෂ්ට ප්‍රතිකාර සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් M.R.I යන්ත්‍රයක්, C.T. Scan යන්ත්‍රයක්, Cathlab ප්‍රතිකාර අංශයක්, ඇතුළුව වෛද්‍ය හා ශල්‍ය උපකරණ, මෙන්ම අත්‍යවශ්‍ය උපකරණ රාශියක් ශ්‍රී ලංකා ජාතික රෝහලට මීට මාස කිහිපයකට පෙර ජපන් රජයෙන් ලබා දීමට කටයුතු කර තිබුණා.
එම උපකරණ සියල්ලෙහි වටිනාකම ජපන් යෙන් මිලියන 1000ක්.
මෙරට පළමු ජාතික රෝහලවන ශ්‍රී ලංකා රෝහල සංවර්ධනය කිරීමට වත්මන් රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බවත්, ඒ් සඳහා විදේශයන්ගේද සහාය නිබඳව ලබා ගන්නා බවත්, ජපන් තානාපතිතුමාගේ මැදිහත්වීමෙන් ජපන් රජයේ පරිත්‍යාග ද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත ප්‍රගමණය වෙනුවෙන් ලබා දීමට කටයුතු කිරීම පිළිබදව ජපාන තානාපතිතුමාටත්, ජපන් රජයටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී විශේෂ ස්තූතිය ද පලකර සිටියා.