ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයක් ලබන වසරේදී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
වසර දහයකට වරක් සිදු කරනු ලබන මුඛ සෞඛ්‍ය සංගණනය අවසන් වරට සිදුකර ඇත්තේ ඉකුත් 2015/2016 කාලසීමාවේදී බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළා.
ඒ අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත මුඛ සෞඛ්‍ය සංගණනය 2025/ 2026 සඳහා රුපියල් මිලියන තිස්තුනයි දශම හයක් වෙන්කර තිබෙන බවයි අමාත්‍යවරයා සදහන් කලේ.
ලබන වසරේ අයවැය ඇස්තමේන්තු මගින් සලසන ප්‍රතිපාදන යටතේ මෙම සංගණනය සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
උණුසුම් පුවත්
- ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ශාක නොමැතිව ආයුර්වේදයේ අර්බුදයක්
- විශේශඥ වෛද්‍යවරුන් සදහා සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට කමිටුවක්
- චීන අගමැති සහ රුසියානු ජනාධිපති අතර හමුවක්
- ගුවන්යානා 03ක් කටුනායක ගුවන්තොටුපලින් හරවා යවයි
- ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයක්
- කඩුවෙල කර්මාන්ත ශාලාවක ගින්නක්
- උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සීමා කෙරෙයි
- ධීවරයින්ට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට රජයෙන් තීරණයක්













