ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, මල්වතු – අස්ගිරි උභය මහා විහාරයීය අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක මහා සංඝ සභික නායක ස්වාමින් වහන්සේලා සමඟ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදීයි. මල්වතු-අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ශාසනික මෙන්ම, ජාතික සහ සාමාජීය වශයෙන් සුවිශේෂී කරුණු රැසක් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම ශාසනික වශයෙන් උද්ගතව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා බෞද්ධ විහාර දේවාලගම් පනත ආදී විවිධ පනත්වලට කාලීන සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද මෙහිදී මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළා. මේ අතර වත්මන් අභියෝග හඳුනාගෙන ආගමික හර පද්ධති සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීමට රජය මුල් වී වැඩපිළිවෙළක් සකස් කිරීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා. ශාසනික ගැටලු උදෙසා මෙන්ම ශාසනික උන්නතිය උදෙසා රජයේ කාර්යභාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බුද්ධශාසන කාර්ය සාධක උපදේශක සභාවක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳද මෙහිදී අවධානයට ලක් වුණා. ශාසනික වශයෙන් පවතින විවිධ අභියෝග සහ ගැටලු විසඳීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන කඩිනමින් සකස් කරන ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
- සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ආණ්ඩුවේ හැංගිච්ච අරමුණු ගැන විමල්ගෙන් අනාවරණයක් – VIDEO –
- ඇමති ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ! – VIDEO –
- දිවයින පුරා වෛද්‍යවරුන් වර්ජනයකට සුදානමින් ?
- NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
- ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්…













