අද සිට ලබන 11 වැනිදා දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව මෙම සතිය තුළ අද මාර්ග අනතුරු වැළැක්වීම, හෙට සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීමේ දින ලෙසයි නම් කර ඇත්තේ. එමෙන්ම අනිද්දා නිවෙස් මෙන්ම වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් ලබන 10 වැනිදා දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීම සහ 11 වැනිදා පාසල්, පෙර පාසල් මෙන්ම, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් ප්‍රකාශයට පත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ජාතික අනතුරු පිළිබඳ උපදේශක කමිටුවේ මෙහෙයවීමෙන් සෑම වසරකම ජූලි මාසයේ පළමු වැනි සඳුදා සිට සිකුරාදා දක්වා ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මකයි. මෙම කාලය තුළදී, අනතුරු නිවාරණය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමටත්, අනතුරු සිදුවීමේ අවදානමක් ඇති විවිධ ස්ථාන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, සැලසුම් කර තිබෙනවා. එමෙන්ම ඉදිරීයේදී අනතුරු ඇති වීමේ අවදානම අවම කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
උණුසුම් පුවත්
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
- ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
- ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
- කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
- අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට














