සෑම වසරකව අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදිවාසී දිනය යෙදී තිබෙනවා.
රටක ආදිවාසීන් යනු රටේ මුල් අයිතිකරුවන් ලෙස හැදින්වීමට හැකියි.
රටේ සංස්කෘතියේ මූලාරම්භයද ආදි වාසී ජනතාව සමගින් බැදී පැවතීම අවිවාදාත්මක කරුණක් වනවා.
වර්ෂ 1994 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළමු වරට අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදි වාසී දිනය ලෙස නම් කරනු ලැබුවා.
මෙලෙස ආදි වාසී දිනයක් නම් කිරීමේ මූලිකම පරමාර්ථය වී ඇත්තේ ලෝකයේ ජීවත් වන සියලුම ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ශා කිරීමයි.
මීට අමතරව ආදි වාසී සංස්කෘතිය ආදි වාසී විවිධත්වය සහ ලොවපුරා ආදී වාසීන්ගේ වටිනාකම් ආරක්ශා කර දීමද මෙම ආදි වාසී දිනය නම් කිරීමේ අරමුනු අතර වනවා.
ආදි වාසී ජනතාව සහ පරිසරය අතර පවතින්නේද ඉතා සමීප සම්බන්ධයක්.
සියලුම ආදි වාසී ජනතාවගේ එදිනෙදා ජීවන රටාවේ සියලුම කටයුතු පරිසරය කේන්ද්‍රගත කරමින් සිදු කරනු ලබනවා.
ශ්‍රී ලංකාවේද ආදි වාසී සංස්කෘතිය සමස්ත ලෝකයේම අවධානය දිනා ගෙන තිබීම අප අභිමානයෙන් යුතුව පැවසිය යුතු වනවා.
ඔවුනට ආවේනික චාරිත්‍ර වාරිත්‍ර , අභිචාරී විදි,ඇදහිලි සහ විශ්වාස, ආහාර රටාව ,ඇදුමු පැළදුම් සහ තාක්ෂණය පවා රටේ සංස්කෘතියේ ආරම්භයේ මුල් ජීවමානයන් පිළිඹිමු කරනු ලබනවා.
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විජය කුමරුන්ගේ ආගමනය සිදු වීමට පෙර සිටම ආදි වාසී ජනතාව දිවයිනේ විවිධ ප්‍රදේශ පුරා පැතිරී සිටි බවටද පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි රැසක් අපට හමුවනවා.
රටක ජනවර්ගයාගේ මුල් පුරුක් ලෙස පැවත එන ආදි වාසී ජනතාව ආරක්ශා කර ගැනීම සියලුම දෙනාගේ වගකීමක් මෙන්ම යුතුකමක් වන්නේද එනිසාවෙන්මයි.