ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක සිසුන් අතර ඇතිවූ ගැටුමකින් නේවාසිකාගාරයේ දේපලවලට දැඩි අලාභානි සිදු ව ඇති බව වර්තවනවා.
ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියේ ඉදිකර තිබූ තොරණක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් මුල්කරගනිමින් මෙම ගැටුම ගටගෙන ඇති බව සඳහන්.
මෙලෙස ගැටුම හටගෙන ඇත්තේ කළා පීඨයේ සහ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතරයි.
මෙම ගැටුමෙන් නේවාසිකාගාරයේ ගේට්ටුවට ,දොරවල් දෙකකට සහ වීදුරු ජනේල වලට බරපතල අලාභ සිදු ව ඇති බව සඳහන්.
සිද්ධිය සැලවීමත් සමගම මිරිහාන මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානය වෙත ගොස් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තුබුණා.
ඉඳිකරන ලද තොරණ සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් මුල්කරගෙන ඇතිවූ බහින් බස් වීම දුරදිග යාමෙන් ගැටුම හටගෙන තිබෙනවා.