ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ජනාධිපති ධුර කාලය ඇරඹීමෙන් පසුව අප්‍රේල් මස 02 වනදා රටවල් රැසකට අධික තීරු බදු පනවනු ලැබුවා.
මෙලෙස ඇමරිකාව ලබාදී ඇති තීරු බදු සහනය අවසන්වීමට දිනයට පෙර ජපානය ගිවිසුම්ගත නොවන්නේ නම් ඔවුන්ට එරෙහිව සියයට 30 හෝ 35 ක තීරු බදු පනවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවා තිබෙනවා.
ඒ අනුව ජපානයට සියයට 24 ක තීරු බද්දක් පනවන බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.
මෙම තත්ත්වය හමුවේ බොහෝ වෙළද හවුල්කරුවන්ට වොෂිංටනය සමග සාකච්ඡා කිරීමට කාලය ලබාදීම සදහා දින 90 ක විරාම කාලයක් ප්‍රකාශයට පත්කළ අතර එය මේ මස 09 වනදායින් අවසන් වනවා.
කෙසේ වෙතත් මෙම කාලය යළි දීර්ඝ කිරීමට අදහසක් නොමැති බව ඊයේ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබෙනවා.