ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා නිල සංචාරයක් සදහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහු දින දෙකක් මෙරට රැදී සිටීනු ඇති.
මෙම සංචාරයේදී ජපාන මුදල් අමාත්‍යවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් හමු වී නිල සාකච්ඡා පවත්වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළා.
ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කොළඹ තටාකාංගනය සහ මහරගම පිහිටි ලංකා නිපොන් බිස්ටෙක් ආයතනයේ සංචාරය කිරීමටද නියමිතයි.