මේ මොහොතේ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුවට හිමිවන්නේ සියයට 20 ක් තරම් වූ ප්රතිශතයක් බව පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ ඉතිරි සියයට 80 විපක්ෂයේ පක්ෂ අතර බෙදී යන බවයි.
එමෙන්ම ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ හැකි නම් ජනාධිපතිවරයා ප්රකාශ කළ ආකාරයෙන් සියයට 50 ක ප්රතිශතයක් නොව සියයට 60 ක වැනි ජන්ද ප්රතිශතයක් ලබා ගත හැකි බවද ඒ මහතා සඳහන් කළා.