ජනාධිපතිවරණය සඳහා තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
තැපැල් ජන්ද අයදුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලුම ජන්ද දායකයන් සිය තැපැල් ජන්ද අයදුම්පත් දිස්ත්රික් තේරීම් භාර නිලධාරීන් වෙත භාර දිය යුතු බව ද කොමිෂන් සභාව නිවේදනය කරනවා.
තැපැල් ජන්ද අයදුම්පත්, ජන්ද හිමි නාමලේඛන ප්රදර්ශනය කරනු ලබන ස්ථානවලින් හා දිස්ත්රික් මැතිවරණ කාර්යාලවලින් නොමිලේ ලබාගත හැකි බවයි කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කරන්නේ.