ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාළ වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ඒ අනුව කෘෂිකාර්මික නවීකරණය, අහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ ග්‍රාමීය ප්‍රජාව නව තාක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීම ආදී කරුණු පිළිබඳව මෙහිදි වැඩි අවදානයක් යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.