ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් අතර හමුවක් සිදු ව තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුව සිදුව ඇත්තේ ඊයේ දිනයේදීයි.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
එමෙන්ම වියට්නාමයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.