Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “ජනාධිපති පරිසර සම්මාන – 2024” අයඳුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

    “ජනාධිපති පරිසර සම්මාන – 2024” අයඳුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

    2024-03-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    “ජනාධිපති පරිසර සම්මාන – 2024” වැඩසටහනෙහි අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024 මාර්තු 31 වෙනිදා දක්වා දිගු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබේ. අයඳුම්කරුවන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඔ ඇත. එබැවින් එදිනට පෙර අයඳුම්පත් යොමු කරන මෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.

    “කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය” සහ “ආයතන, ජනමාධ්‍ය හා සමාජ අංශය” යන ප්‍රධාන අංශ දෙක යටතේ මේ සඳහා අයඳුම් කළ හැකිය. ඒ අනුව “කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය” යටතේ අනු අංශ දහසය(16) කි. ඝන අපද්‍රව්‍ය නැවත ලබා ගැනීමේ/ ප්‍රතිචක්‍රීකරණ/ බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත, රසායනික නිෂ්පාදන කර්මාන්ත, වාහන සේවා ස්ථාන, ආහාරපාන නිෂ්පාදන කර්මාන්ත, හෝටල්, රෙදිපිළි පිරි සැකසුම් කර්මාන්ත, ඖෂධ නිෂ්පාදන හා රූපලාව්‍ය නිෂ්පාදන කර්මාන්ත, ආරෝග්‍ය ශාලා, රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, සත්ත්ව ගොවිපළවල්, නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත, තේ කර්මාන්ත ශාලා, මුද්‍රණ කටයුතු සහිත ඇසුරුම් නිෂ්පාදන කර්මාන්ත, ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති (කුඩා පරිමාන ජල විදුලි ව්‍යාපෘති/ සූර්ය බල ව්‍යාපෘති/ සුළං බල විදුලි උත්පාදන ව්‍යාපෘති), පළාත් පාලන ආයතන වල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති යනු “කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය” යටතේ අනු අංශ දහසය යි.

    “ආයතන, ජනමාධ්‍ය හා සමාජ අංශය” යටතේ ඇගයීමට ලක්කරන අනු අංශ අට(08) කි. පාසල්, පරිසර හිතකාමී රාජ්‍ය ආයතන, පරිසර හිතකාමී පෞද්ගලික ආයතන, පරිසර සංරක්ෂණය සඳහා විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති පුද්ගලයින්, පරිසර සංරක්ෂණය හා ප්‍රවර්ධන කාර්යන්හි කටයුතු කරන ජාතික මට්ටමේ රාජ්‍ය නොවන පරිසර සංවිධාන, පරිසර හිතකාමී නව නිර්මාණ (පාසල්/විශ්වවිද්‍යාල සහ තෘතීයික අධ්‍යාපන ආයතන/ විවෘත අංශය), ජනමාධ්‍ය අංශය (“තනිපුද්ගල” සහ “පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා” ලෙස මෙහි අංශ දෙකකි) යනු එම අංශ අටයි.

    මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112873447, 0112872278 යන දුරකතන අංකවලට හෝ 0112888999 යන ක්ෂණික ඇමතුම් අංකය වෙත ඇමතීමෙන් අයඳුම්පත් සහ වැඩි විස්තර ලබා ගත හැකිය. තවද 0706725222 යන දුරකතන අංකයෙන් සහකාර අධ්‍යක්‍ෂිකා ආචාර්ය ලක්මිණී රාධිකා මෙනවිය ඇමතීමෙන් ද 0713486339 යන දුරකතන අංකයෙන් ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී අර්ෂා කුමාරි මහත්මිය ඇමතීමෙන් ද වැඩිදුර විස්තර ලබා ගැනීමට අවකාශ සලසා ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

    ආශ්‍රීත පුවත්:  රටේ සිනමා කර්මාන්තය ආරක්ශා කරන බවට ජනපතිගෙන් සහතිකයක්

    සම්මාන උත්සවයේ ඇගයීම් කටයුතු ඒ ඒ අංශයට අදාළ විශේෂඥයන් විසින් සිදුකරනු ලබන අතර විශේෂඥ කමිටුවේ තීරණය අවසන් තීරණය වේ. ජනාධිපති පරිසර සම්මාන (රන් සම්මාන), රිදී පරිසර සම්මාන, ලෝකඩ පරිසර සම්මාන සහ කුසලතා සම්මාන ආදී ලෙස වූ සම්මාන හිමිකර ගැනීමට “ජනාධිපති පරිසර සම්මාන” උළෙලේ දී තරඟකරුවන්ට අවස්ථාව හිමි වේ. ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    Srilanka
    පෙර පුව​තකොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල පොලිසියට
    ඊළඟ පුව​ත මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගැටළු විසඳීමට ජනපතිගේ අවධානය

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group