ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අද අළුයම 1ට පමණ අනතුරකට ලක්වී සිවුදෙනෙකු රෝහල් ගතකර ඇති බවට තලාව පොලීසිය පවසනවා.
ඊයේ යාපනයේ පැවති උත්සවයකට සහභාගි වී නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ අනුව අනතුරින් තුවාල ලැබූවන් ඔවුන් සමග පැමිණි වෙනත් වාහනයකින් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කලා.
උණුසුම් පුවත්
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
- BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
- ඉන්ධන කෝටාව ඉහළට
- දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
- බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි












