සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.
දේශපාලන අධිකාරිය තම බලය රඳවා ගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතන භාවිත කළ සංස්කෘතිය වත්මන් රජය යටතේ අවසන් කර ඇති බව ද එහිදි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.
අධ්‍යාපන, සෞඛ්‍ය සහ මහාමාර්ග වැනි ක්ෂේත්‍රවලට අදාළව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන අතර මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වුණා.
එමෙන්ම විදේශ ණය සහ ආධාර යටතේ මෙරටට හිමි වන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙසට ද ජනාධිපතිවරයා මෙහිදී පළාත් ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.
පාසල් පද්ධතිය විධිමත් කිරීමේ සැලසුම් පිළිබඳවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් නිලධාරීන්ට උපදෙස් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.