රටේ පවතින ආරක්ෂක වාතාවරණය සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සන්නද්ධ හමුදාවන්හි ඉහළ පෙළේ නිලධාරීන් හමුවූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කලා.
යුද හමුදාවේ උසස් නිලධාරීන් සමග පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා.
මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන නිලධාරීන්ද, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ ඇතුළු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වී තිබෙනවා.