වියට්නාමයේ තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් වියට්නාම් රජයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබෙනවා.
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වුණා.
මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපතිවරයා සහ සමග නිල සාකච්ඡා පැවැත්වූ අතර වියට්නාමයේ රාජ්‍ය ප්‍රධානීන් සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම ජනාධිපතිවරයා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් මහතා සමග සාකච්ඡා පවත්වනු ලැබුවා.
එහිදී වසර 55ක් පුරා දෙරට අතර ඉහළ මට්ටමේ දේශපාලන විශ්වාසය, ජනතාව අතර සමීප සබඳතා සහ සුහදත්වය මත ගොඩ නැඟුණ සාම්ප්‍රදායික මිත්‍රත්වයේ සහ බහුවිධ සහයෝගීතාවයේ වර්ධනය පිළිබඳව අවධාරණය කෙරුණා.