ජනාධිපතිවරයා සහ ඇගලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි .
ඊයේ පස්වරුවේ පැවති මෙම සාකච්චාවේදී ජනාධිපතිවරයා විසින් ක්ෂේත්‍රයේ දිගුකාලීන අත්දැකීම් මත පදනම්ව රටේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ මෙහිදී අදාළ පිරිසට ස්තූතිය පළ කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කළා.
ඒ පිළිබඳ අධ්‍යයනය කර, රජය පාර්ශ්වයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග සහ ඒ වෙනුවෙන් කළයුතු ඉදිරි සාකච්ඡා පිළිබඳ සැලැස්මක් සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ.
මේ වන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අරමුණ බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා .
එහිදී දැනට පවතින කර්මාන්ත වෙනුවෙන් පහසුකම් සැපයීම තුළින් පළමු වටයේදී අපේක්ෂිත වර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ප්‍රවේශයක් ලබාගත හැකි බවත්, සෑම රුපියලක්ම වඩා ප්‍රතිඵලදායක ආයෝජන වෙනුවෙන් යෙදවීම රජයේ ප්‍රතිපත්තිය බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.