චෙක්පත් මඟින් ගනුදෙනු කිරීමේදී සිදුවන වංචා සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව පවතින නීති වර්තමානයට ගැලපෙන පරිදි වෙනස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කිරීමට නියමිතයි.
ඒ අනුව විශේෂඥ කමිටුව විසින් සති 2ක කාලයක් තුළ මේ පිළිබඳව පවතින දේශීය හා ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳව අධ්‍යනය කරමින් වාර්තාවක් සකස් කිරීමට ද නියමිතව තිබෙනවා.
චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේදී සිදුවන වංචා හා අක්‍රමිකතා හේතුවෙන් ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, බැංකු හා මූල්‍ය ආයතන දැඩි අපහසුතාවයට පත් වීම හේතුවෙනුයෙි මෙම තීරණය ගෙන ඇත්තේ.