චීනයේදී වෙන්දේසි කිරීමට උත්සාහ කළ පුරාවස්තූන් යළි ලබාගෙන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක බෞද්ධ ජනතාවට වැද පුදා ගැනීමට අවස්ථාව සලසන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ගම්මානයකින් 1898 වසරේදී සර්වඥ ධාතූන්වහන්සේ මෙන්ම මැණික් හා පුරාවස්තු සොයා ගෙන තිබෙනවා.
ඒවා හොංකොංහිදී වෙන්දේසි කිරීමටයි පසුගියදා පියවර ගෙන තිබුණේ.
එහෙත් එය නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දී වෙන්දේසිය අත්හිටුවීමට ඉන්දියාව ක්‍රියා කළා.
මෙම සර්වඥ ධාතූන්වහන්සේ හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ යළි ඉන්දියාවට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රැසකට ලබා දෙන බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා කියා සිටින්නේ.