චීනයේ හිටපු කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය ටැන්ග් රෙන්ජියන්ට, අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත මරණ දඬුවම නියම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරණන්‍ෘ.
2007 වසරේ සිට 2024 දක්වා විවිධ තනතුරු දරමින් ටැන්ග්, යුවාන් මිලියන 268කට වැඩි මුදලක් සහ දේපළ ඇතුළුව අල්ලස් ලබා ගෙන ඇති බවයි අණාවරණය වී ඇත්තේ.
ඔහු තමා සිදු කළ අපරාධ පිළිබඳව පාපොච්චාරණය කර ඇති නිසා මහජන අධිකරණය ඔහුගේ මරණ දඬුවම වසර දෙකකට අත්හිටුවා තිබෙනවා..
මෙම කරුණු පිළිබඳව දූෂණ විරෝධී නිරීක්ෂණ ආයතනය විසින් විමර්ශනයට ලක් කර ඔහු තනතුරෙන් ඉවත් කිරීමෙන් මාස හයකට පසු, චීන කොමියුනිස්ට් පක්ෂය ඔහුව නෙරපා හැරීමට කටයුතු කර තිබුණා.
ටැන්ග්ගේ විමර්ශනය අසාමාන්‍ය ලෙස වේගවත් වූ අතර හිටපු ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆු සහ ඔහුගේ පූර්වගාමියා වූ, වෙයි ෆෙන්ග්හේ සම්බන්ධයෙන් ද ඒ හා සමානව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- හදිසියේම මන්නාරම දිස්ත්‍රික්කය තුල තහනමක් ?
- ආධාර අරගෙන ඉන්දියාවෙන් 08 වැනි යානයත් එයි !
- ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් – VIDEO –
- ආපදාවට පත් පිරිසට දිගු කාලින විසදුම් ලබා දිය යුතුයි – ජනපති
- රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
- අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවේ මරණ 700 ඉක්මවයි
- ආපදා තත්ත්වයෙන් රට ගොඩගැනීමට රජය ඇප කැප වනවා – බුද්ධශාසන නියෝජ්‍ය ඇමති කියයි













