වයඹදිග චීනයේ පෙර පාසලක ළමයින් 233 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
ආහාර අලංකරණය සදහා යොදාගත් තීන්ත වර්ගයක් විසවීමෙන් ළමයින්ගේ රුධිරයේ ඊයම් මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
පෙර පාසලේ දරුවන් සදහා පැවති ආහාර අලංකරණ වැඩසටහනකදී වර්ණ ගැන්වූ රට ඉඳි කේක් සහ සොසේජස් ඉරිඟු බනිස් දරුවන් ආහාරයට ගෙන තිබෙනවා.
පුද්ගලයින් අට දෙනෙකු මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ආහාරවල ගැල්වීම සඳහා යොදාගත් තීන්ත අන්තර්ජාලය හරහා මිලදී ගෙන ඇති බව ද පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.