චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 04 වන පූර්ණ සැසිවාරයේ තීරණ ක්‍රියාත්මක කරමින් “15 වන පස් අවුරුදු සැලැස්ම” ක්‍රියාත්මක කිරීමේදී ඵලදායී ආරම්භයක් ලබා ගත යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසනවා.
ඊයේ එරට පළාත් හා අමාත්‍ය මට්ටමේ නිලධාරීන් වෙනුවෙන් චීන ජාතික පරිපාලන ඇකඩමියේ අධ්‍යයන වාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් ෂී ජින් පිං මහතා මේ බව පැවසුවා.
චීනයේ 15 වන පස් අවුරුදු සැලසුම් සමය තුළ ආර්ථික හා සාමාජීය සංවර්ධනය සඳහා උපායමාර්ගික සැලසුම් සකස් කොට තිබෙන අතර ඒවා සම්පූර්ණයෙන්ම, පුළුල්ව සහ නිවැරදිව තේරුම් ගනිමින් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු එහිදී අවධාරණය කළා.
චීනයේ සංවර්ධනය උපායමාර්ගික අවස්ථා සහ අවදානම් හා අභියෝග යන දෙකෙහිම කාල පරිච්ඡේදයක පවතින අතර, එහි අවිනිශ්චිතතාවයන් වැඩි වෙමින් පවතිනවා.











