චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා,
අද පෙරවරුවේ මෙම හමුව සිදුව ඇති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාද පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම පිළිබඳ සොයාබැලීම චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණයි.
එමෙන්ම චීන රජයෙන් ලබාදෙන ආධාර සම්බන්ධයෙන් දැනුම්දීමද මෙම සංචාරයේ අරමුණක් වනවා.
දකුණු අප්‍රිකානු සංචාරය අවසන් කර යළි චීනය බලා යන අතරවාරයේ චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබුනා.













