චීන පොහොර නැවට මුදල් ගෙවීම පිළිබදව සිදු කරන සමීක්ෂණීය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්ර මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවකින් ඒ සම්බන්ධ පරීක්ෂන කටයුතු ආරම්භ කර තිබෙන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවා.