චීන ජාතික ගුවන් සේවය වන එයා චයිනා ගුවන් සේවය යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව පළමු මංගල ගුවන් යානය ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
මීට වසර තුනකට පමණ පෙර මෙම චීන ජාතික ගුවන් සේවය, ශ්‍රී ලංකාව වෙත සිදු කළ ගුවන් ගමන් කෝවිඩ් 19 තත්ත්වයත් සමග තාවකාලිකව නවතා දමා තිබුණා.
මෙම ප්‍රථම මංගල ගුවන් යානය සදහා ඒ 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යෙදවීමටයි කටයුතු කර තිබුණේ.
චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පැමිණි මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 142 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙකු ද පැමිණ තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී මෙම චීන ගුවන් සේවයේ ගුවන් යානා පැය පහයි විනාඩි තිහක ගුවන් ගමනක යෙදෙමින් , සෑම සතියකම සදුදා , බදාදා සහ සිකුරාදා යන දින වල චීනයේ චෙන්ඩු නුවර සිට රාත්‍රී 08.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර යළිත් එම ගුවන් යානා එදිනම රාත්‍රී 10.15 ට කටුනායක සිට චීනයේ චෙන්ඩු බලා පිටත්ව යාමට නියමිතයි.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













