ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහායක් දැක්වීම චීනයේ අපේක්ෂාව බව එරට ජනාධිපති ෂී ජින්පිං මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ මෙරට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සමග පැවති හමුවකදීයි .
චීනයේ බෙයිජිංහි මහජන මහාශාලාවේ දී අද පෙරවරුවේ මෙම හමුව පැවැත්වුණා.
ශ්‍රී ලංකාව හා චීනය අතර සාම්ප්‍රදායික මිතුදම, කලක සිට පවතින්නක් වන බවත් සාම සහජීවන පංචශීලී ප්‍රතිපත්තිය මත පදනම් කර ගනිමින් දෙරට ද්විපාර්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පැවසුවා.
ශ්‍රී ලංකාව සමඟ එක්ව, සාම්ප්‍රදායික මිත්‍රත්වය, සහයෝගිතා තහවුරු කරමින් හවුල් අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා මානව ප්‍රජාව පොදුවේ ගොඩනැංවීමටත් දෙරටේ ජනතාවට වඩාත් සුබසෙත සැලසීමටත් චීනය සූදානම් බව ද ෂී ජින්පිං මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවේදී ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ප්‍රකාශය ගැඹුරු අර්ථයෙන් යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එහිදී ප්‍රකාශ කළා.
ලෝක කාන්තා ව්‍යායාමය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ලබා දුන් වැදගත් කර්යාභාරයක් ඉන් පිළිබිඹු වූ බවද ඇය මෙහිදී පැවසුවා.
එමෙන්ම අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඉහළ ගුණාත්මකභවයෙන් සංවර්ධනය කිරීමට සක්‍රිය ලෙස අවශ්‍ය අනුබලය ලබා දෙන බවයි.