ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නව IPL. ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.
2023 තරගවාරය සඳහා චාමික ඇතුළු ක්‍රීඩකයින් 5 දෙනෙකු කොල්කටා කණ්ඩායමෙන් නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව පැට් කමින්ග්ස්, සිවම් මාවි, සෑම් බිලින්ග්ස් හා මොහොමඩ් නබී ද එළඹෙන තරගවාරයේදී නිදහස් කර තිබෙනවා.
ඒ් අනුව ඔවුන් එළඹෙන IPL වෙන්දේසියේදී යලිත් එම කණ්ඩායමට හෝ වෙනත් කණ්ඩායමකට ලබාගත හැකිිියි.
චාමික පසුගිය IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට කොල්කටා කණ්ඩායම විසින් මිලදී ගත්තද ඔහු එහිදි කිසිදු තරගයකට ක්‍රීඩා නොකිරීම විශේෂත්වයකි.