වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක චරිත අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නැවත මව්බිමට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.
ඒ හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙනුයි.
ඒ අනුව හෙට (18) සිට ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා, පාකිස්තානය සහ සිම්බාබ්වේ තුන්කොන් තරගාවලියට සහභාගී වීමට ඔවුන්ට නොහැකි වනවා.
අසලංක නොමැති නිසා හිටපු නායක දසුන් ශානක විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.













