අධිකරණවල ගොඩගැසී පවතින නඩු භාණ්ඩ මේ වසරේ දෙසැම්බර් 31වන දිනට පෙර නිෂ්කාශනය කළයුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
සියලුම දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ මහාධිකරණ විනිසුරුවරුන් වෙත මෙම දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වන්නේ.
අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම පසුගිය දිනවල සිදුවූ අතර ඒවා කඩිනමින් නිෂ්කාශනය කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරුන්ට දැනුම් දී තිබෙනවා.