ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගන්නා අවස්ථාවේදී එය නිරීක්ෂණය කිරීම සදහා හෙට පෙරවරු 8.30ට බොරැල්ල කනත්තට පැමිණෙන ලෙසට අධිකරණය විසින් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට නියෝග කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමිනුයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහතා මෙම නියෝගය නිකුත් කර තිබුනේ.
එහිදී අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ දේහය ගොඩගැනීම සදහා අවශ්‍ය සියලුම පහසුකම් සලසා ඇති බවයි.
දේහය ගොඩගැනීමෙන් පසු දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා ගාල්ල කාරපිටිය ශික්ෂණ රෝහලට ගෙන යාමට නියමිත බවත් ඒ පිළිබඳව පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය සිය කැමැත්ත පලකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩ ගන්නා හෙට දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.