තම ඉල්ලීම්වලට බලධාරින් විසින් නිසි විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව ගුරු සංවර්ධන නිලධාරින් පවසනවා.
එම සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා සදහන් කළේ තම ඉල්ලීම්වලට විසදුම් ඉල්ලා දින 27 ක් පුරා කොළඹ කොටුව සහ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ඔවුන් සත්‍යග්‍රහයක නිරතව සිටියද මේ වන තෙක් ඔවුන්ට කිසිදු විසදුමක් නොලැබුණු බවයි.
මේ හේතුවෙන් හෙට දින මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට පාද යාත්‍රාවක් සහ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්













