ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ජුනි මාසයට අදාළ වැටුප අද (23) දහවල් 12ට පෙර නොලැබුණහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි සඳහන් සඳහන් කළා.
උන් වහන්සේ සඳහන් කළේ සෑම මසකම 20 වැනි දින ගුරුවරුන්ගේ මාසික වැටුප ලබාදීම සිදුවුව ද ජුනි මාසයේ වැටුප මෙතෙක් ලැබී නොමැති බවයි.
ගුරුවරුන්ගේ වැටුප් ලබාදීම පසුගිය මාසයේ ද ප්‍රමාද වූ අතර ඊට හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළා.