ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.
ඒ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම සහ රාජස්තාන් රෝයල් කණ්ඩායම පරාජයට පත් කරමින්.
එහිදී පළමුවෙන් ගුජරාට් කණ්ඩායම සහ ලක්නව් කණ්ඩායම තරග වැදුණ.
එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 227ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 171ක් පමණයි. ඒ අනුව එම තරගය ලකුණු 56න් ගුජරාට් කණ්ඩායම ජයගනු ලැබුවා.
මේ අතර දෙවැනි තරගය රාජස්තාන් කණ්ඩායම කඩුළු 4න් පරාජය කරමින් හයිද්‍රාබාද් කණ්ඩායම ජය ගැනීමය සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්තාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 214ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 217ක් ලබා ගනිමින් තරගය ජයග්රහකව කළා.