ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට මේ වන විට කණ්ඩායම් 3 ක් සමත්ව තිබෙනවා.
ඒ අනුව ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් මේ වන විට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා
ඒ තරගාවලියේ 60 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 10 ක ජයක් ලැබීමත් සමගයි.
ඒ අනුව මේ වන විට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා අවස්ථාව ඇත්තේ එක් කණ්ඩායමකට පමණයි.
දිල්ලි කැපිටල්ස්, මුම්බායි ඉන්දියන්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් ඒ සදහා තරග වදිමින් සිටිනවා.
කෙසේ වෙතත්, කොල්කටා නයිට් රයිඩර්ස්, සන්රයිසස් හයිදරාබාද්, රාජස්ථාන් රෝයල්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම්වලට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට මේ වන විට සිදුව තිබෙනවා.
මේ අතර තරගාවලියේ 61 වන තරගය අද පැවැත්වෙනවා.
ඒ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් අතරයි.
ලක්නව් හිදී පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
- ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
- මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුව
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට










