ගිනි අවියක් පත්තු වී පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබෙනවා.
කළුතර දකුණ පොලිසිය පවසන්නේ කළුතර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
එම කඳවුරේ පුහුණු අංශයේ සේවයේ නියුක්ත සැරයන්වරයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ජීවිතක්ෂයට පත් සැරයන්වරයාගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













